1. හරිම Keywords ටික හොයාගමු
අද කියල දෙන්න යන්නේ Fiverr GIG SEO කරලා කොහොමද Orders වැඩි කරගන්නේ එහෙම නැත්තං First Orderඒක ගන්නේ කියලා එහෙමත් නැත්තං ඔයාගේ GIG එක කොහොමද මුල් පිටු අතරට අරගෙන Fiverr එකේ Orders ගන්නේ කියලා.
මුලින්ම කියන්න ඕනි GIG SEO කරන්න හරිම ක්‍රමේ මේක කියල ක්‍රමයක් නෑ. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුලුවන්. මේකත් කෙනෙක්ට හරියන්න පුලුවන් තව කෙනෙක්ට නැති වෙන්න පුලුවන්. හොඳයි එහෙනම් දැන් වැඩේ පටන් ගමු.
Fiverr එකේ ඔයා දාන්න යන GIG එකට හරියටම ගැලපෙන Keywords ටික හොයාගන්න ඕනි මුලින්ම. ඒක කරන්න ඔයා යන්න ඕනි Private Tab එකකින් Fiverr.com එකට. Private Tab එකකින් යන්න කියන්නේ එතකොට සාමාන්‍ය කෙනෙක්ට පෙන්වන Search Results පෙන්වන නිසා. නැති නම් පෙන්නන්නේ ඔයාටම ආවේණික Search Result එකක්.


හොඳයි. මේ විදිහට Fiverr එකට ගිහින් එතන තියෙන Search Bar එකේ Type අරන්න ඕනි ඔයාගේ Main Keyword එක. ඒ කියන්නේ මොකක්ද ඔයා Fiverr එකේ කරන්න යන්නේ කියන එක. උදාහරණ කීපයක් ගත්තොත්,
- Logo Design නම් Main Keyword එක Logo
- Flyer Design නම් Main Keyword එක Flyer
- Web Design නම් Main Keyword එක Web
- WordPress Development නම් Main Keyword එක WordPress
- Article Writing නම් Main Keyword එක Article
ඔන්න ඔය විදිහට තමන්ගේ Main Keyword එක Fiver Search Bar එකේ ටයිප් කරන්න. ටයිප් කරලා Search Button එක Click කරන්නවත් Enter කරන්නවත් එපා. Type කරන්න විතරයි. ඊටපස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා Seach Results ටිකක්.


ඔය දැන් ආපු List එකෙන් තෝරගන්න ඔයා මොකක්ද කරන්නේ කියන එක. ඒ කියන්නේ අපි හිතමු ඔයා එන්නේ Logo Design කියලා, එහෙම නම් ඔයා තෝරගන්න ඕනි Logo Design කියන එක. හැබැයි ඔයා එන්නේ Logo Animation කරන්න නම් ඔයා තෝරගන්න ඕනි ඒක. ඒක තමයි ඔයා හදන්න යන GIG එකේ Main Keyword එක වෙන්නේ.
ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනි, ඔයාලා හැමෝම දන්නවා ඇති කියලා හිතනවා Fiverr Account එක හදනකොට අපි පාවිච්චි කරන Username එක වැදගත් කියන එක, උඩින් තියෙන Screenshot එකේ පේනවා ඇති Users කියලා පෙන්නනවා. හරියට කරන වැඩේට අදාලව Username එකක් තෝරගන්න කියන්නේ අන්න ඒ නිසයි. ඒ ගැන Article එකකුත් දාන්නම්.
හොඳයි දැන් මෙතන Logo Design කියන එක Select කරගත්තට පස්සේ අපි එනවා මෙන්න මේ වගේ තැනකට. මේ විදිහට නැතුව වෙන විදිහකට ආවොත් මේ Link එකෙන් ගිහින් බලන්න.


මේ පිටුවට ආවට පස්සේ ඔයාලට පේන්න තියෙනවා GIG කීපයක්. මෙව්වා තමා Logo Design කියන Keyword එකට හොඳටම Rank වෙලා තියෙන GIGs. ඉතින් අපිත් බලන්න ඕනි කොහොම හරි මෙන්න මේ පලවෙනි පිටුවට අපේ GIG එකත් ගන්න.
මෙතනදි ඔයාලට පේනවා ඇති උඩින්ම තවත් Keywords ටිකක් පෙන්නනවා Related කියලා.
- Minimal Logo Design
- Simple Logo Design
- Minimalist Logo Design
- Gaming Logo Design
- Graphic Design
- Logo Animation
- Modern Logo
ඔන්න ඔය විදිහට. මේවා තමා Logo Design කියන Main Keyword එකට Related Keywords, ඒ කියන්නේ ඒකට අදාල අනික් Keywords. දැන් අපි අපිට හරියන Keywords ටික හොයාගෙන ඉවරෛ. ඊලඟට යමු GIG එක හදන වැඩේට.
2. GIG Title එක හදමු
මේ වැඩේට ඔයාලට Open කරගන්න වෙනවා අලුත් Google Doc එකක්.
Doc එක Open කරගෙන මං පහලින් පෙන්නලා තියෙන විදිහට ප්‍රධාන කොටස් 3කට මේක වෙන් කරගන්න.
- TITLE
- DESCRIPTION
- TAGS


දැන් අපි කරන්න ඕනි මුලින් තෝරගත්ත Related Keywords ටික අතරින් ඔයාට හරියන Keyword එකක් තෝරගන්න එක. උදාහරණයක් විදිහට ගත්තොත් ඒ List එකෙන් අපි ගමු Minimal Logo Design කියන එක.
ඊලඟට මේ විදිහට ඔයාගේ Google Doc එකේ TITLE එක හදාගන්න අර තෝරගත්තා Keyword එක පාවිච්චි කරලා.


ඔන්න ඔය ව්දිහට Related Keyword එකක් දාලා Title එක හදාගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති ඒක ඇතුලෙම අපේ Main Keyword එකත් තියෙනවා කියලා. ඊලඟට අපි යමු GIG Description එක හදන වැඩේට.
3. Keywords වලට අදාල GIG Description එක හදමු
GIG Description එකේදී අපි අපේ Main Keyword එක වගේම අපි Title එකේදී පාවිච්චි කරපු Related Keyword එකත් පාවිච්චි කරන්න ඕනි, ඊටත් අමතරව ඉතිරි උන Related Keywords ටිකත් අපි Description එකට ගන්න ඕනි. ඒක කරන්න ඕනි විදිහ මෙහෙමයි.
- ඔයාගේ Title එක හදන්න අපි ගත්ත Main Keyword එක, මේ උදාහරණේදි නම් Logo Design කියන එක Description එකේදී 3න් පාරක් අනිවාර්‍යයෙන් දාන්නම ඕනි.
- ඒ වගේම අනික් Keywords ටිකත් අවම එක පාරක් හරි මේ Description එක ඇතුලේ තියෙන්න ඕනි.
ඔන්න ඔය කරුණු දෙක අනිවාර්‍යයෙන් කරන්නම ඕනි. ඒ විදිහට ඔයාගේ Description එක හදාගන්න. මේ වැඩේට මම හදන එක මම පහලින් වීඩියෝ එකකින් දාන්නම්.
මම මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට මුලින් Keywords ටික ටයිප් කරගෙන යන්න. ඊටපස්සේ ඒ Keywords අතරට ගැලපෙන විදිහට වචන දාලා හොඳ Description එකක් හදාගන්න. Main & Related Keywords සේරම ඔය විදිහට දාලා Description සම්පූර්ණ කරන්න. ඊට අමතරව Tags වලට අර මුලින් තෝරගත්ත Related Keywords ටික පාවිච්චි කරන්න.


Tags ටික මේ විදිහට පාවිච්චි කරන්න.
Logo Design Modern Logo Simple Logo Designs Minimalist Logo Gaming Logo
ඔය ටික ඒ කිව්ව විදිහටම කරලා, හොඳ Unique කොහෙන්වත් ගත්තේ නැති GIG Images 3කුත් දාලා Gig එක Publish කරන්න.
තව විස්තර ඇතුව මේ ගැන කියවන්න Hashan අයියගේ මේ පෝස්ට් එක කියවන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනව නම් පහලින් Comment එකක් දාන්න. නැත්තං මෙතනින් මාව සම්බන්ධ කරගන්න.
හැමෝටම සුබ දවසක්.